May 03, 2024

ජනපති දළදා සමිඳුන් වැදපුදා ගනී

November 22, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්හ.

රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙස දළදා සමිඳුන් වැද පුදා ගනු ලැබුවේය.

දළදා සමිඳුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ නිලංග දෑල මහතා සමඟ සුහද කතාබහක ද නිරත වී ඇත.

Rate this item
(0 votes)

Related items