April 26, 2024

මහා නාහිමියන්ට ශෝකය පළ කිරීමේ යෝජනාවට කතානායක හරස් වෙයි - විපක්ෂය බලෙන්ම ශෝකය පළ කරයි Featured

November 21, 2020

අපවත් වී වදාළ රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් පිළිබඳව පාර්ලිමේන්තු ආරම්භයේ දී විනාඩියක ශෝකය පළ කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන ආ යෝජනාවට කතානායකවරයා විසින් අවස්ථාවක් ලබා නොදීම මත සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ අද (21) දින සභාව අවසානයේ මහා නායක හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කොට රාමඤ්ඤ නිකාය වෙත යැවීම නිවැරදිය බවය.

කතානායකවරයා ද එය අනුමත කළ අතර ඊට විරෝධය පෑ සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පුර්වාදර්ශයක් තිබෙන බව සඳහන් කරන ලදී.

2015.04.10 දින අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන් අපවත් වූ අවස්ථාවේ විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවට කළ යෝජනාව අනුව ශෝකය පළ කළ බවත් ඒ පුර්වාදර්ශය මේ අවස්ථාවේ ක්‍රියාත්මක කිරීමේ ඇති වැරැද්ද මොකක්ද යන්නත් කතානායකවරයාගෙන් ප්‍රශ්න කරන ලදී.

කතානායකවරයා ඊට සුභවාදී ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලෙන්ම නැගිට අපවත් වී වදාළ මහා නාහිමියන්ට ශෝකය පළ කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 November 2020 10:57

Related items