April 26, 2024

ස්නයිෆර් වලින් මාලු මරලා

November 21, 2020

විදේශ රටවලට අපනයනය කිරීම සඳහා ලංකා මුහුදේ විසිතුරු මසුන් අල්ලන මුවාවෙන් දිය යට විදින තුවක්කු භාවිතයෙන් විශාල මසුන් දඩයමේ යෙදුනු පිරිසක් පසුගිය දා මීගමුව මෝර වල පුදේශයේදී අත්අඩංගුවට ගැනුනා.මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ත්‍රිකුනාමලය ප්‍රදේශයේ වෘත්තීය පිහිනුම් කරුවන්.මේ සඳහා ඔවුන් ඩිංගි බෝට්ටු 05 ක් සහ ස්නයිපර් ගන් 05 ක් ඔක්සිජන් ටැංකි 10ක් යොදා ගෙන ඇති අතර මෙම භාණ්ඩ සියල්ල අත් අඩංගුවට පත්වුනා. විසිතුරු මසුන් අල්ලා පිටරට යැවීම විදෙස් විනිමය රටට ගෙනෙන හොඳ ආදායම් මාර්ගයක් . නමුත් රටෙහි නොගැඔුරැ මුහුදු තීරයෙහි විශාල මසුන් දඩයම් කිරීම නීති විරෝධී ක්‍රියාවක්.මෙම වැටලීම සිදුකිරීම සඳහා මීගමුව ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතා ඇතුලු කණ්ඩායමක් සහභාගී වුනා

 

Rate this item
(0 votes)