April 27, 2024

හාමුදුරුවනේ ඩීල් එකෙන් වැඩි ලාභයක් නැහැ - ඒකෙන් පොඩි ආතල් එකක් ගමු : ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයෙක් කියලා

November 19, 2020

ආණ්ඩුවත් එක්ක ඩිල් දාන එක්තරා ව්‍යාපාරික මහත්තයෙක් හාමුදුරුවෝ කෙනෙක් එක්ක කතා කරන වීඩියෝවක් මේ වන විට එලියට පැමිණ ඇති බවත් ඉන් මේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයින් හාමුදුරුවන්ට සලකන විදිය තේරුම් ගැනීමට හැකි බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

හාමුදුරුවනේ මේ ඩිල් එකෙන් වැඩි ලාභයක් නැහැ. තියෙන්නේ රුපියල් 70ක්, 80ක්. එකෙන් අපි ආතල් එකක් ගමු යැයි එම දුරකථන හඩපටයේ සඳහන්ව තිබෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

තමන්ගේ ආණ්ඩුව කාලයේ මෙවැන්නක් සිදු වූ වානම් ඉන්න ලැබෙන්නේ නැති බවද බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

සිංහල බෞද්ධ, සිංහල බෞද්ධ යැයි කිව්වාට මේ අයවැයෙන් පන්සලට කිසිදු සහයෝගයක් දී නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2020 14:48