April 26, 2024

ජනපති හා අගමැති ඉදිරියේ පිලිප් ගුණවර්ධනගේ මුනුබුරා සිය මංගල කතාව කරයි

November 19, 2020

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු මුල් කොට ගත් පංච මහා බලවේගය මුල් කොට ගෙන පිහිටවූ 56 පොදුජන රජයේ සැබෑ පෙරගමන්කරු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ මුනුබුරා වූ යදාමිනි ගුණවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව කරන ලදී.

ඒ අයවැය විවාදයට එක්වෙමිනි.

යදාමිනි ගුණවර්ධන මහතාගේ මිත්තනිය වූ කුසුමා ගුණවර්ධන මහත්මිය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කර තිබේ.

යදාමිනි ගුණවර්ධන මහතා සභාව අමතන අවස්ථාවේ ජනපතිවරයාද සභාවට පැමිණි අතර ගුණවර්ධන මහතාට ජනපති, අගමැති හා සිය පියා වූ සභානායක දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඉදිරියේ සිය මංගල කතාව කිරීමට ලැබීම ද විශේෂත්වයකි.

යදාමිනි ගුණවර්ධන මහතා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලදි.

 

Rate this item
(1 Vote)