April 26, 2024

කුරුඳුවත්තේ රිය අනතුරට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ දියණිය අත්අඩංගුවට

November 16, 2020

රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනය කර අනතුරක් සිදුකිරීම හේතුවෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය පාලනය කර ගැනීමට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබිණි.

අදාළ ජීප් රථය නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් දිවෙන නිදහස් මාවත අසළ පිහිටි පෞද්ගලික මොටර් රථ ප්‍රදර්ශනාගාරයක ගැටී තිබුණු අතර, ඒ හේතුවෙන් ප්‍රදර්ශනාගාරයට දැඩි අලාභහානි සිදුව තිබිණි.

Rate this item
(3 votes)