May 14, 2024

රටේ විශේෂ තත්ත්වය අපේ චාරිත්‍ර වලට අදාල නැති බව සිංහල ජනතාව තේරුම් ගන්න ඕන (VIDEO)

November 12, 2020

ලොව කිසිම තැනක මළ මිනියකින් වෛරසය ජලයට එකතු වන බව ඔප්පු කර නැති බැවින් භූමිදානය පිළිබඳව සොයා බැලීමට පත්කළ අමාත්‍යංශ අනුකමිටුව තමන් පිළිගන්නේ නැති බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මවුලවි මරීනා රිෆායි සඳහන් කරයි.

දේහයන් ආදාහනය කිරීම සදහා සුදුසු භූමියක් බලන්නැයි ජනපතිවරයා ජමේතුල්ලා උලමා සංවිධානයට පැවසූ බව එහි සභාපති රිස්නු මුද්ධි මවුලවිතුමා තමාට පැවසූ බවද විශේෂඥ වෛද්‍යවරිය පවසයි.

මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානය කිරීම තමන්ගේ අයිතියක් බවත් එය ලබා නොදීම මුස්ලිම් ජනතාවගෙන් කරන පළිගැනීමක් බව ද පෙන්වා දෙන වෛද්‍යවරිය සිංහල ජනතාව මේ තත්ත්වය තේරුම් ගත යුතු බවද පෙන්වා දෙයි.

රටේ විශේෂ තත්ත්වයක් තිබීම මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් නැති කිරීමට හේතුවක් නොවන බව ද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය මවුලවි මරීනා රිෆායි මේ අදහස් පල කලේ යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(3 votes)