May 05, 2024

20ට ඡන්දෙ දුන් සමගියේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදින ලකුණු - මැතිසබේ ආසන පැනවීම ගැනත් හෙට තීන්දු කරයි

November 09, 2020

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගය නියෝජනය කරන හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 7 දෙනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එම පක්ෂවල නායකයින්ගෙන් කරුණු විමසීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ ඊට අදාළව මෙම සතියේදී ලිඛිතව කරුණු විමසන බවයි.

රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන්ගේ නායකත්වය දරණ දේශපාලන පක්ෂ 3කට අයත් මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පසුගිය දා පැවති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන්නේය.

මීට අමතරව සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියද ඊට පක්ෂව ඡන්දය ලබාදුන් අතර, ඇයට එරෙහිව දැනටමත් විනය පියවරගැනීම ආරම්භ කර ඇති බව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට මීට පෙර දැනුම් දී තිබුණේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනා දැනට පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටින ආසනවල වෙනසක් සිදුකරන ලෙසටයි.

ඒ අනුව ඔවුන්ගේ අසුන් පැනවීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට රැස්වන පාර්ලිමේන්තු කටයුතු තේරීම් කාරක සභාවේදී ගැනීමට නියමිත බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 November 2020 23:12