April 27, 2024

නිධන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයින්ට වැදගත් පණිවුඩයක්

November 07, 2020

නිධන් ගත රෝග වලින් පෙළෙන පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් එම පුද්ගලයා මියයාමට ඉතා වැඩි ඉඩකඩක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු සදහන් කළේ කොවිඩ්-19 රෝගය ආසාදනය වී නිවෙස තුළදීම මියගිය කිහිපදෙනෙකු විශේෂයෙන් කොළඹ මහ නගර සභා සීමාවෙන් හදුනාගත් බවයි.

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,

"යම්කිසි කෙනෙක් නිධන් ගත රෝග වලින් පෙළෙනවා නම් ඒ වගේ කෙනෙක්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වුනොත් මියයාමට තියෙන සම්භාවිතාව ඉතාමත් අධිකයි. කොවිඩ්-19 රෝගය ආසාදනය වී නිවෙස තුළදීම මියගිය කිහිපදෙනෙක්ම විශේෂයෙන්ම කොළඹ මහ නගර සභා සීමාව තුළදී අපි හදුනාගත්තා. එයින් තේරුම් ගන්න ඔ්නේ අපි පී.සී.ආර්. පරීක්ෂණ කරන අතරතුර තවදුරටත් රෝගීන් සිටී නම් ඔවුන් හදුනාගැනීමට අපිට අවශ්‍යයි. මහල් නිවාසවල ජීවත්වන අයට අපි උපදෙස් ලබාදෙන්නේ කිසිම විදිහකින් ගෙවල්වලට යාම සම්පූර්ණයෙන්ම සීමා කරන්න අවශ්‍යයි."

Rate this item
(0 votes)