May 17, 2024

කොවිඩ් රෝගීන් වෙනුවෙන් සංගීත ප‍්‍රසංගයක්

November 05, 2020

මඩකලපුව පූනානි හි පිහිටි කොවිඩ් – 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සහ එහි ප‍්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ මානසික සුවය වර්ධනය කිරීමේ අරමුණින් ඊයේ (04) රාත‍්‍රීයේ විශේෂ සංගීත ප‍්‍රසංගයක් පැවැත්වුණි.

මෙම අවස්ථාවට පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් ගුණතිලක මහතා ඇතුළු වෛද්‍යවරුන්, හෙද හෙදියන්, කණිෂ්ඨ කාර්යමණ්ඩලය සහ ප්‍රතිකාර ලබන රෝගීන් එක්ව සිටි අතර සියලූදෙනාගේ මානසික සුවය උදෙසා විවිධ අංග එක් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබුණි.

පූනානි හි පිහිටි කොවිඩ් – 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානය පාලනය කරනු ලබන්නේ පොළොන්නරුව මහ රෝහල මගිනි.

පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළේ අඩු සෞඛ්‍ය කාර්ය මණඩලයක් යොදාගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ප‍්‍රතිකාර ලබන කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 1235කට ආසන්න බවය.

Rate this item
(0 votes)