May 19, 2024

බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලා මන්නාරමේ විරෝධතාවක්

November 03, 2020

මේ වන විට බන්ධනාගාරගතව සිටින මන්නාරම් දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩු බදියුදීන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා මන්නාරමේ මුස්ලිම් වැසියන් පිරිසක් විරෝධතාවක නිරත වූහ.

මන්නාරම බසාර් වීදයේ මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුනේ නගරයේ මුස්ලිම් තරුණයින් පිරිසක් විසිනි.

එහිදී විරෝධතා කරුවන් විසින් මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලීමට අමතරව කොරෝණා වෛරස් අවධානම හමුවේ මිය යන මුස්ලිම් ජනතාව පුලුස්සා අවසන් කටයුතු නොකරන ලෙසටද ඉල්ලා සිටියහ.

එමෙන්ම මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් උතුරු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පිහිට වූ එකම නායකයා බැවින් මුස්ලිම් ජනතාවගේ ගැටලු වෙනුවෙන් රටට හඩක් නැගීමට සිටින පක්ෂ නායකයෙකු බන්ධනාගාරගතව සිටිම දැඩි ලෙස හෙලා දකින බවටත් වහාම මන්ත්‍රී වරයා නිදහස් කිරීමට වත්මන් රජය විසින් පයවර ගත යුතු බවටත්ය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)