May 16, 2024

මෙරට 22 වෙනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

November 02, 2020

මෙරට 22 වෙනි කොරෝනා මරණයත් වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් 31 වන දින පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව එය මෙරට දී සිදුවු 22 වන කොවිඩ් මරණය ලෙස සෞඛ්‍ය බලධාරීහු පවසති.

මියගිය පුද්ගලයා 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන  අතර, ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එසේම එම මරණය සියදිවි නසාගැනීම හේතුවෙන් සිදුවුවක් ලෙස වාර්තා වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 02 November 2020 12:20