May 11, 2024

රත්නපුර සහ මාතරින් කොරෝනා රෝගීන් හමුවෙයි

මාතර හෙට්ටිවීදිය ප්‍රදේශයේ මාළු වෙළෙඳසැළක හිමිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

අදාළ ව්‍යාපාරිකයා පසුගිය 16 වනදා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට පැමිණ ඇති බව වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එම් මාලක නුවන් මහතා පැවසීය.

අනතුරුව පසුගිය 21 වනදා ඔහුට කළ පී.සී.ආර් පරීක්ෂණයකින් ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

ඔහු සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

එමෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු නිවෙස් නිරෝධායනයට යොමුකර තිබේ.

තම බලප්‍රදේශයෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වෙත පැමිණී තවත් ව්‍යාපාරිකයින් 10දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ පවුල්වල සියලුදෙනා නිරෝධායනයට යොමුකර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර රත්නපුර පොදු වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳසැළේ හිමිකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

හිමිකරු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ වෙත පැමිණ තිබූ අතර අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ඔහුට වෛරසය ආසාදිත බව තහවුරු විය.

මේ හේතුවෙන් රත්නපුර මුවගම ප්‍රදේශයේ නිවාස 100 ක පමණ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබීය.

Rate this item
(0 votes)