April 27, 2024

කොට්ටාව මාළු වෙළෙඳසැළක 4කට කොරෝනා

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොට්ටාව මාළු වෙළෙඳසැළක් තාවකාලිකව වසා දමා තිබේ.

අදාළ මාළු වෙළෙඳසැළේ පුද්ගලයින් සිව් දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්. තිලකරත්න මහතා සඳහන් කළේය.

එම රෝගීන් සිව්දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා කළුතර පිඹුර රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ පුද්ගලයින් සමග සෘජු සබඳතා පැවැත්වු පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගනිමින් සිටින බව ඩී.එම්. තිලකරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)