April 27, 2024

තවත් 42ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගනී

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 42ක් හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉන් 22ක් නිරෝධායනය වෙමින් සිටි අය වන අතර 20 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් ය.

ඒ අනුව දිවුලපිටිය හා මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් පොකුරේ අද දිනට හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති  සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2014කි.

Rate this item
(0 votes)