October 02, 2022

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

මෙවර 09 වන පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි.

ලබන 25 සහ 26 යන දෙදින තුළ පැවැත්වෙන මෙම වැඩමුළුවේ දී පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙය සංවිධානය කරන බව සඳහන් කරයි. මේ බව මහ ලේකම් වරයාගේ නිවේදනයේ සඳහන් වේ.

වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වේ. එමෙන්ම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ද ඊට සහභාගී වීමට නියමිතය.

25 සහ 26 යන දිනයන් දෙකෙහි උදැසන 9.00 සිට සවස 6.00 දක්වා පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 01 දී පැවැත්වීමට සුදානම් කර තිබේ.

Rate this item
(0 votes)