April 27, 2024

"කිසිදු ඡන්ද වංචාවකට ඉඩක් නෑ..තුවක්කු දීලා දත් මදින්න නොවෙයි" මැ.කො කියයි

මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ කිසිදු ඡන්ද වංචාවක් සිදුවීමට ඉඩක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

“ ඡන්ද පොළට පැනලා, පොරෝවලින් ගහලා, පිස්තෝල ඔලුවට තියලා ඡන්දේ දාපුවා තියෙනවා. දැන් කවුරුත් ඒවා කරන්න එන්නේ නෑ.“ යනුවෙන් කොමිසමේ සභාපතිවරයා පැවසීය.

“අපි පොලිස් නිලධාරීන්ට කියලා තියෙනවා, තුවක්කු දීලා දත් මදින්න නොවෙයි බුරුසුවලින් වගේ කියලා“ යනුවෙන් ද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

“ඡන්ද පෙට්ටි මාරු කරනවා“ යන මතවාදය මිත්‍යාවක් ‍බව ද මෙවර මැතිවරණය තුළ එවැනි සිදුවීම්වලට කිසිදු ඉඩක් නොමැති බව ද ඔහු කියා සිටියේය.

මේ අතර‍ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමේ කාර්යයට බාධාවන සිද්ධි පිළිබඳ වාර්තා කිරීමට විශේෂ දුරකථන අංක සහ ෆැක්ස් අංක හඳුන්වා දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම දුරකථන හා ෆැක්ස් අංක ඔස්සේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව ද දැනුම් දිය හැකිය.

ඒ ඒ පළාත් අනුව මෙම අංක හඳුන්වා දී ඇත. එවැනි අකටයුතු නැතහොත් අනීතික ක්‍රියා සම්බන්ධයෙන් නොපමාව වාර්තා කරන ලෙස සියලූම පුරවැසිරයන්ගෙන් කොමිෂන් සභාව ඉල්ලීමක් ද කරයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය. 

Rate this item
(0 votes)