April 26, 2024

ෆොන්සේකාට බෝම්බ ගැහුවේ අනාචාරයේ ගිය නිසා

නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගෙන් රුපියල් කෝටි 100ක වන්දි ඉල්ලා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගල්කිස්ස දිසා අධිකරණයේ අපහාස නඩුවක් ගොනු කර තිබේ.

ත්‍රස්තවාදී යුද සමයේ යුද හමුදා මූලස්ථානයේදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගමන් ගත් රථයට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ රූපවාහිණි නාලිකාවකදී නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශයකින් තමන්ගේ කීර්ති නාමයට අපහාස වූ බව පවසා මෙම නඩුවක් ගොනු කර ඇත.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස දිසා අධිකරණයේ විනිසුරු නිහාල් චන්ද්‍ර රණවක මහතා නියෝග කළේ මෙම නඩුවට අදාලව පිස්කල් මගින් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට නොතීසි නිකුත් කරන ලෙසයි.   

Rate this item
(1 Vote)
Last modified on Thursday, 03 April 2014 13:31