April 27, 2024

ඉන්දීය ධීවරයින්ට දැඩි තීරණයක්

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිළිබඳ ගැනීමට හැකි සියලුම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ධිවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නරේන්ද්‍ර රාජපක්ෂ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය. 

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 19දෙනෙකු තලෙයිමන්නාරම උතුරු මුහුදේදී ඊයේ(26) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ප‍්‍රකාශක කොමදෝරු කෝසල වර්ණසූරිය මහතා සඳහන් කළේ ය. 

ඔහු වැඩිදුරටත් පැවසූවේ මෙම ධීවරයින් පැමිණි යාත‍්‍රා හතරක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දීය ධීවරයින් සහ යාත‍්‍රා තලෙයිමන්නාරම ප‍්‍රදේශය භාර ධීවර පරීක්ෂකවරයා වෙත භාරදුන් බව යි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 March 2014 15:40