මුහුදු සීමා උල්ලංඝණය කරන ඉන්දීය ධීවරයින් ඔස්සේ කේරල ගංජා ජාවාරමක් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
මීට වසර දෙකකට පෙර ඉන්දියාව හරහා සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ කරුණු හෙලි කර ගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ පසුගිය වසර දෙක ඇතුළත ඉන්දියාව හරහා මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බවත් කල්පිටිය සිට යාපනය දක්වා මුහුදු සීමාවට ශ්‍රී ලංකා නාවික හමුදා ආරක්ෂාව ලබා දෙන බවත්ය.
ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලු සම්බන්ධයෙන් දෙරට අතර මීළඟ සාකච්ඡාව අනිද්දා (25) මෙරට දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.