ඒ අනුව දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සඳහා ඊයේ (19) වසා දමා ඇති බවත් නවක සිසුන්ට පමණක් අධ්‍යයන කටයුතු පවත්වන බවත් ඔහු සඳහන් කළේ ය.
දේශීය වෛද්‍ය විද්‍යායතනය පාලනය කරන වැඩබලන අධ්‍යක්ෂකවරියගේ අත්තනෝමතික ක්‍රියා කලාපයය එරෙහිව ශිෂ්‍යයින් කටයුතු කරන විට ඊට විසදුමක් ලබා නොදී එම විද්‍යායතනය වසා දැමීමෙන් ප්‍රශ්නයට විසදුම් නොලැබෙන බව දේශිය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව පෙන්වා දෙයි.
දැනට පවතින ශිෂ්‍ය ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේවන විට පන්ති වර්ජනය හා විභාග වර්ජනය කරමින් සිටින බවත් මේ ප්‍රශ්ණවලට විසදුම් ලබා නොදුනහොත් වෙනත් විශ්වවිද්‍යාලවල සිසුන්ද එක්ව දැඩි ක්‍රියාමාර්ගයකට යන බවත් දේශිය වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ සභාපති රුමේෂ් තරංග මහතා සඳහන් කළේ ය.