May 11, 2024

හෙරොයින් ජාවාරම්කරු කැනඩා පුරවැසියෙක්

බෝල්ට් ඇන තුල සඟවා පාකිස්තානයේ සිට හෙරොයින් කිලෝ 36 ක් මෙරටට ගෙන ආ පාකිස්තානුවාගේ තොරතුරු මත අත්අඩංගුවට ගත් මොහොමඩ් අලි සබීර් නැමැති මත්කුඩු ජාවාරම්කරු කැනඩාවේ පුරවැසිභාවය ලබා සිටින්නෙක් බව අනාවරණ වී තිබේ. 

රාජ්‍ය නොවන සංවිධානයකද ක‍්‍රියාකාරිකයෙක් වන එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා තුරු මෙරට හොරොයින් බෙදා හරින ප‍්‍රධාන ජාවාරම්කරුවෙකු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයද දැනුවත්ව නොසිටි බව වාර්තා වෙයි. කොළඹට මත්කුඩු බෙදාහරින ජාවාරම්කරුවා වන්නේ මොහු බවට මේවන විට අනාවරණය වී ඇත.

බෝල්ට් ඇන තුල සගවා රැගෙන පැමිණි මත්කුඩු තොගය පාකිස්තානුවා විසින් මෙරටට ගෙනවිත් ඇත්තේ මොහොමඩ් අලි සබීර්ට ලබා දීමට බවද අනාවරණයට වී තිබේ. 

මෙලෙස විවිධ ආකාරයට ඔහුට හෙරොයින් කිලෝ තිහ හතලිහක් මාසයකට වරක් පාකිස්තානයේ සිට ලැබෙන බවත් එම හෙරොයින් කොළඹ නගරයේ බෙදාහරින පුද්ගලයින් සොයා මේ වනවිට පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරු අනාවරණය කළේය.

 

Rate this item
(0 votes)