April 26, 2024

"මේ ගැටලුව අපිට අතීතයේ දීත් ඇතිවෙලා තිබෙනවා..ඒකට කිසිම සමාවක් ලබා දිය නොහැකියි." - තරංගගේ තරග තහනම ගැන මැතිව්ස් ප‍්‍රථම වරට කතා කරයි

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ උපුල් තරංග හට තරග දෙකක තරග තහනමක් පැනවීමට ICC ය  තීරණය  කළ අතර පසුගිය තරගයේ දී 6 වැනි ස්ථානයේ ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා මීළඟ තරගයේ දී නිරෝෂන් දික්වැල්ල සමඟින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇත.

උපුල් තරංග හට තරගාවලියේ මීළඟ තරග දෙක අහිමි වීම සම්බන්ධයෙන් මැතිව්ස් අදහස් ප‍්‍රකාශ කලා

“ඒක කණගාටුදායක සිදුවීමක්. ඒකට කිසිම සමාවක් ලබා දිය නොහැකියි. මුළු කණ්ඩායම ම ඒකෙ වගකීම භාර ගත යුතුයි. කණ්ඩායමේ නායකයා කවුරු වුණත් ඔහු සමඟ සිටිමින් පන්දු රැකීමේ දී කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් ඔහුට සහාය විය යුතුයි. කණ්ඩායමේ නායකයාට වගකීම් රාශියක් පැවරිලා තිබෙනවා. මේ ගැටලුව අපිට අතීතයේ දීත් ඇතිවෙලා තිබෙනවා. නැවතත් එම ගැටලුවට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. උපුල්ට ඊළඟ තරග දෙක අහිමි වීම කණ්ඩායමට ලොකු පාඩුවක්. ඔහු කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු දකුණු අප්‍රිකාව සමඟ තරගයේ දීත් හොඳින් පන්දුවට පහර දුන්නා. මේ වගේ දෙයක් නැවත නොවෙන්න අපි වග බලා ගත යුතුයි.”

Rate this item
(3 votes)