April 24, 2024

මැතිව්ස් - තරංග නොමැති ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට අලුත් මුහුණක්

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා(08) පැවැත්වෙන තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බොහෝදුරට දිනේෂ් චන්දිමාල්ට හිමිවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ,දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරඟයේදී නියමිත කාලයට පෙර පන්දු වාර 50 යැවීමට නොහැකිවීම හේතුවෙන් නායකත්වය දැරූ උපුල් තරංගට ඉදිරි තරඟ දෙකක් තහනම් වීම හා  ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟයට සහභාගිවීම අවිනිශ්චිත තත්වයේ පැවතීම හේතුවෙන්.

Rate this item
(1 Vote)