May 17, 2024

ආයතන ගණනාවක නිලධාරීන් 50ක් අද FCIDයට කැඳවයි

පසුගිය රජය සමයේ සිදුව ඇතැයි ප‍ැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ආයතන කිහිපයක නිලධාරීන් 50 දෙනෙකු අද (11) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.

මේ යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය, සංචාරක මණ්ඩලය, සංචාරක අමාත්‍යාංශය, මධ්‍යම ඉංජිනේරු කාර්යංශය, සේවක ආර්ථ සාධක අරමුදල, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, මගනැඟුම හා සී.එස්.එන් නාලිකාවේ නිලධාරීන් වන බව ආරංචි මාර්ග පවසයි. 

‍පසුගිය රජය සමයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට මොවුන් කැඳවා ඇති අතර අඛණ්ඩව එම කටයුතු සිදුවේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 August 2016 09:59