May 17, 2024

කෝටි 28ක දේපල අත්කර ගත් පසුගිය ආණ්ඩුවේ සිව්දෙනෙකු ගැන හෙළිවෙයි

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙතෙක් සිදුකළ විමර්ශනවලින් පසුගිය රජය කාලයේ පුද්ගලයින් සිව් දෙනෙකු රුපියල් මිලියන 2873.32කට අධික වූ දේපල ප්‍රමාණයක් අත්කර ගෙන ඇති බව අනාවරණ වී ඇතැයි වාර්තා වේ.

ඉන් එක් හිටපු ඇමතිවරයෙකු ලක්ෂ 3960ක වටිනාකම ඇති ඉඩම් අක්කර 18 රූඩ් 3 පර්චස් 13.83ක් ඇතුළත් ඉඩම් 3ක් ලබාගෙන ඇති බව වාර්තාවේ.

හිටපු මන්ත්‍රීවරයෙක් ඉඩම් කැබැලි 9කට හිමිකම් කියනු ලබන අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 281ක් ලෙස ගණන් බලා ඇත.

මීට අමතරව පෞද්ගලික බැංකු දෙකක තැන්පත් කර තිබෙන මුදල රුපියල් ලක්ෂ 400කි. තවත් ලක්ෂ 230ක මුදලක් ආයෝජනය කර ඇති බවත් රුපියල් ලක්ෂ 1000ක් වැයකර සමාගමක් මිලදී ගෙන තිබෙන බවත් පරීක්ෂණවලින් අනාවරණ වී තිබේ.

දේශපාලන පවුලක මන්ත්‍රී නොවන පුද්ගලයෙකු රුපියල් 3918ක් වටිනාකම ඇති ඉඩම් මිලදී ගෙන ඇති බවත් මීට අමතරව රුපියල් ලක්ෂ 800ක් වටිනා ජංගම විකාශන රථයක්ද ලබාගෙන ඇත.

 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 25 July 2016 10:19