May 17, 2024

පලස්තීනය - ඊශ්‍රායල ගැටුම් අවසන් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

අද (16) දිනයේ දී එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ රටවල් 16 එක්ව නිමා නොවන පලස්තීන සහ ඊශ්‍රායලය ගැටුමට විසඳුම් සෙවීම සඳහා රැස්ව තිබේ.

පසුගිය සිකුරාදා (14) දිනයේ දී මෙය පැවැත්වීමට නියමිතව තිබුණත් එය ඇමෙරිකාව සහභාගී නොවිම මත එය එළැඹෙන සතිය දක්වා කල් දැමීමට යෝජනා විය. 

නමුත් චීනය, නොර්වේ සහ ටියුනීසියාව එක්ව කවුන්සිලය අද දිනයේ රැස්විය යුතු යැයි කළ යෝජනාව සලකා බැලීමෙන් අනතුරුව ආරක්ෂක කවුන්සිලය රැස්විය.

ZOOM සන්නිවේදන තාක්ෂණය හරහා මෙම රැස්වීම පැවැත්වෙන අතර මෙමඟින් රටවල් දෙක අතර පවතින ගැටුම්කාරී තත්ත්වය නිමාවට පත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ වන විට ගාසා තීරයේ පවතින එකම බල ශක්ති බලාගාරයේ ද ඉන්ධන අවසන් වෙමින් යන බැවින් එක්සත් ජාතින්ගේ සංවිධානය, කටාර් රාජ්‍ය සහ ඊජිත්තුව එක්ව සටන් විරාමයක් ගෙන ඒමට හැකිදැයි බලමින් සිටින බව සඳහන් වෙයි.

අද දිනයේ ඊශ්‍රායල ආරක්ෂක මණ්ඩලය සහ කැබිනට් මණ්ඩලය ගාසා මෙහෙයුම සම්බන්ධව සාකච්ඡා කිරීමට රැස්ව තිබුණත් සටන් විරාමයක් පිළිබඳව එහිදි සාකච්ඡා නොකර ඇති බව ඊශ්‍රායල kann මාධ්‍ය ජාලය ට්විටර් පණිවිඩයක් හරහා සඳහන් කර තිබුණි.

Rate this item
(0 votes)