May 17, 2024

සිරකරුවන්ට ගිනි අවි දිගු කළ ඇමති ගැන ජාත්‍යන්තරයෙන් දැඩි ප්‍රකාශයක්

September 15, 2021

එක්සත් ජාතින්ගේ සංවිධානයේ සංවර්ධන පද්ධතියේ ශ්‍රී ලංකාවේ (UNDS) ඉහළම මට්ටමේ නියෝජිතයා වන හනා සිංගර්-හම්ඩි මහත්මිය විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඇය මෙම ප්‍රකාශය නිකුත් කර තිබුණේ වත්මන් රජයේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකු ලොහාන් රත්වත්තේ මහතා විසින් අනුරාධපුර බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ සිරකරුවන් දෙදෙනෙකු දණ ගස්වා හිසට ගිනි අවියක් තැබූ බවට වන චෝදනාව සම්බන්ධවයි.

එහිදී නියෝජිතවරිය පවසා සිටියේ මැන්ඩෙලා නීතිය අනුව රටක සිරකරුවන්ගේ අයිතිවාසිකම් රැකීම රජය වගකීමක් බවයි. 

එමෙන්ම ඇය තවදුරටත් පවසා සිටියේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සහ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය පිළිබඳ ක්‍රියාකාරකම්වලදී අත්අඩංගුවේ සිටින සියළුම දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම පසුගියදා සිදුවුණු මෙම සිදුවීම පිළිබඳව හෙළාදකින බවද ඇය එහිදී පවසා තිබුණා.

හනා සිංගර්-හම්ඩි මහත්මිය විසින් තැබූ ට්විටර් සටහන පහතින්,

මැන්ඩෙලා නීතිය යනු,

එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජනය කරන සියලු රටවල් අතර එක්සත් ජාතින්ගේ මහ සභාවේ දී සම්මත වූ  A/RES/70/175 යෝජනාව මෙලෙස මැන්ඩෙලා නීතිය ලෙස හඳුන්වයි. මෙහිදී සිරකරුවෙකුට සැලකිය යුතු අවම තත්ත්වයන් පිළිබඳව මෙම නීතියේ සඳහන් වෙයි.

මෙය මැන්ඩෙලා නීතිය ලෙස නම් කර තිබුණේ දකුණු අප්‍රිකාවේ බිහි විශිෂ්ඨ පාලකයෙකු වන නෙල්සන් මැන්ඩෙලා හට ගෞරවය පිණිසයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 September 2021 14:01