May 21, 2024

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර උණුසුම් තත්ත්වයක්

ඊයේ (29) දිනයේ පැවැති 12 හැවිරිදි පලස්තීන දරුවෙකුගේ අවමංගල්‍යය උත්සවය අතරතුර හටගත් ගැටුම්වලින් ඊශ්රායල හමුදාව පලස්තීන ජාතිකයෙකු ඝාතනය කර ඇති බවට පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව ඇසින් දුටුවුන් පවසා සිටියේ ඊශ්‍රායලයට බටහිර ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම සිද්ධියේ දී පලස්තීන වැසියන් විසින් ඊශ්‍රායල සෙබළුන්ට ගල්වලින් පහර දීමට පටන් ගත් බවයි.

ඊශ්‍රායලය විසින් පවසා තිබුණේ කැරැල්ල මර්දනය කිරීම සඳහා කැරලි මර්දන ක්‍රමවේදයන් අනුගමන කළ බවත්, අහසට සජීවි උණ්ඩ යොදා වෙඩි තැබීමක් කළ බවත්ය.

නමුත් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පවසා සිටියේ 20 හැවිරිදි ෂවුකට් අවාඩ් ඊශ්‍රායල වෙඩි ප්‍රහාරයට ගොදුරු වී රෝහලේදී මිය ගිය බවයි. තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් පවසා සිටිනවා.

පලස්තීනය විසින් තවදුරටත් පවසා සිටියේ 12 හැවිරිදි මොහොමඩ් අල් අලාමි සිය පියා සමඟ සිය මෝටර් රථයෙන් යමින් සිටියදී පසුගිය බදාදා (28) දිනයේ දී ඊශ්‍රායල හමුදා භටයන් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හමුවේ මිය ගිය බවයි.

මෙලෙස මිය ගිය දරුවාගේ අවමංගල්‍ය අවස්ථාවේ දී මෙම උණුසුම් තත්ත්වය ඇතිව තිබුණේ.

ඊශ්‍රායලය විසින් දරුවාට වෙඩි තැබූ බවට චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසා සිටින්නේ සැක කටයුතු වාහනයක් දුටු බවත් පසුව එහි ටයර් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Rate this item
(0 votes)