May 07, 2024

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

බටහිර ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න ප්‍රදේශයක භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

රිච්ටර් පරිමාණයේ 6.5ක අගයක් ලෙස මෙම භූ කම්පනය සටහන් වූ බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ වෙරළේ සිට කිලෝමීටර 40ක් ඔබ්වෙන් වූ මුහුදෙහි බව භූ විද්‍යාඥවරුන් ප්‍රකාශ කොට තිබේ.

එමෙන්ම එය මුහුදු පතුලෙහි කිලෝමීටර 141ක් ගැඹුරින් සිදුව තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 June 2016 09:18