May 05, 2024

බලංගොඩ භූ චලනයක්

ඊයේ (06) රත්නපුර, බලන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ චලනයක් සිදුව ඇත.

පස්වරු 2 .30ට පමණ මෙය සිදුව ඇති බව යි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ.

භූ චලනය මහනුවර භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ද සටහන් වී ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)