May 04, 2024

උද්ධමනය දිගින් දිගටම ඉහළ යයි

November 24, 2021

ශ්‍රී ලංකාව තුළ භාන්ඩ මිල ඉහළ යෑම හෙවත් උද්ධමනය පසුගිය ඔක්තෝබර් මස තුළ 8.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මාසයට සාපේක්‍ෂව උද්ධමනය 2.1 කින් ඉහළ ගොස් ඇති බවත් එයට හේතුව ආහාර සහ ආහාර නොවන යන භාණ්ඩ වර්ග දෙකේම මිල ඉහළ යෑම බවත් මහ බැංකුව පෙන්වා දෙනවා.

ආහාර ද්‍රව්‍යවල මිල සියයට 0.83 කින් ද, ආහාර නොවන අයිතමවල මිල සියයට 1.23 කින් ඉහළ ගොස් ඇති බවත් නිවාස, ජලය, විදුලියසහ ගෑස් අදි අයිතමවල මිල ඉහළ යෑම උද්ධමනය පෙර මාසයට වඩා ඉහළ යෑමට ප්‍රධාන හේතුව බව මහ බැංකුව පවසන්නේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.5හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ ගියේය.

ඒ අනුව, 2021 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ, කිරි පිටි සහ සහල් මිල ගණන් ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (එල්.පී ගෑස් සහ නඩත්තු කටයුතු සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය), ආපනශාලා සහ හෝටල්, විවිධ භාණ්ඩ සහ සේවා සහ සෞඛ්‍ය යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 ඔක්තෝබර් මාසයේ දී ඉහළ ගිය බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 4.8හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 7.2 දක්වා ඉහළ ගිය අතර, 2021 සැප්තැම්බර් මාසය දක්වා සියයට 4.4ක් ලෙස අඛණ්ඩව මාස 6ක් තුළ නොවෙනස්ව පැවති වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.6 දක්වා ඉහළ ගියේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 November 2021 15:36