April 26, 2024

ජයම්පතිගේ ඉල්ලා අස්වීම පිටුපස හඩපට හුටපටයක් - දේශපාලන රැකවරණ ඉල්ලීමේ සූදානමක් Featured

අචාර්ය ජයම්පති වික්‍රමරත්න එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් හිටි හැටියේ ඉල්ලා අස්වූයේ මහ බැංකු බැඳුම්කරය ඇතුළු වැදගත් සිද්ධීන් පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග කර තිබෙන සාකච්ජා ඇතුලත් දුරකථන හඬ පට නිසා බවට තොරතුරු අනාවරණය වේ. 

මෙම හඬ පටවල තිබෙන තොරතුරු හරහා වික්‍රමරත්න මහතාගේ ප්‍රතිරූපයට බලපෑමක් එල්ල වෙන බවත් ඔහුට මේ සම්බන්ධයෙන් නෛතික කටයුතු වලට මුහුණ දීමට සිදුවන බවත් වාර්තා වේ.  

වික්‍රමරත්න මහතාගේ මීළඟ පියවර වන්නේ දේශපාලන රැකවරණ පතා විදෙස්ගත වීම බවද හෙළිදරව් වී තිබේ.  එක්සත් ජාතික පෙරමුණු රජය බලයේ සිටිද්දී වික්‍රමරත්න මහතා යුරෝපා රටවල් දෙකකින් දේශපාලන රැකවරණය ඉල්ලා සිටිය මුත් එය ප්‍රතික්ෂේප විය. එම ඉල්ලීම් කර තිබුණේ නිල රාජ්‍ය සංචාරයන් අතරතුරය. ජයම්පති වික්‍රමරත්න මහතා ඉකුත් 22 වනදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. 

Last modified on Thursday, 23 January 2020 12:31