March 29, 2024

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් පත්කිරීම සඳුදායින් අවසන් Featured

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට  සියලු සාමාජිකයන් පත් කිරීම ලබන සදුදා (27) වනවිට අවසන් කෙරේ.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන තනතුරු සඳහා පත්කිරිම්  සියල්ලක්ම මේ වනවිට අවසන් අතර ඉල්ලා අස් වූ බව ප‍්‍රකාශ කළ විපක්ෂ නායක සජිත්  පේ‍්‍රමදාස මහතා යළිත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය  නායකවරයා ලෙස පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී  මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, උප නායක රවී කරුණානායක, ජාතික  සංවිධායක නවීන් දිසානායක,  මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුලූ උපදේශක මණ්ඩලයේ  අනුමැතිය යටතේ සිදුකෙරේ.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලූ විසඳීම සඳහා ඡන්දයක්  නොපවත්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, හිටපු අමාත්‍යවරුන් සහ පසුපෙළ මන්ත‍්‍රීවරුන්  කළ ඉල්ලීමට අනුව අර්බුදයකින් තොරව  එය විසඳාගැනීමට එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ක‍්‍රමවේදයක් සකසමින් සිටිතැයි  හිටපු සභානායක  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Last modified on Friday, 24 January 2020 14:02