April 27, 2024

"ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ආසන්න වු විට අපේ අපේක්ෂකයා කියන්නම්" - හරීන් Featured

ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ආසන්න වු විට තම පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. 

නුවරඑළිය නගරයේ පැවති වැඩසටහනක් අතරතුරදී අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගෙන් මාධ්‍යවේදීන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් කරුණු විමසා සිටි අවස්ථාවේ මේ බව පැවසීය.

දේශපාලනයට අවශ්‍ය වන්නේ පවුල් පසු බිම නොවන බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ පුද්ගලයා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම ජනතාවට විශ්වාසය තබා ගත හැකි පුද්ගලයෙක් කුමක් හෝ පක්ෂයකින් ඉදිරිපත් වීම වැදගත් බවද අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

Last modified on Friday, 19 April 2019 09:03

Related items