April 20, 2024

"අවශ්‍ය වෙලාවට ජනාධිපති අපේක්ෂකයා ගැන තීරණයක් ගන්නවා" - මහින්ද Featured

ආණ්ඩුව පෙරළීමට කිසිදු කුමන්ත්‍රණයක් නොමැති බවත්, අවශ්‍ය සෑම විටම එයට සුදානමින් සිටින බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ද අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

අද වන විට විදුලිය, ජලය හා අධික බදු බර හේතුවෙන් ජනතාව දුක් විඳින බවත්, එයට එක්කෙනෙක් දෙන්නෙක් නොව මුළු කැබිනට් මණ්ඩලයම වගකිව යුතු බව මෙහිදී විපක්ෂ නායක වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අනාගතයේ සියලු මැතිවරණ ජයගන්නා බවත්, සියලු පක්ෂ එකතු වී අවශ්‍ය වේලාව පැමිණි විට ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විදෙස් රටක ඇති නඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බය ගැන එයින් පෙනී යන බවයි.

Last modified on Thursday, 18 April 2019 10:45