April 26, 2024

ජනපති අපේක්ෂකයා ගැන ප්‍රසන්න කතා කරයි Featured

ඉදිරි සති දෙක තුන තුළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනිමට හැකිවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ උදම්මිට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඇමෙරිකාවෙන් ඉවත් කර ගෙන ඇතැයි සමාජ මාධ්‍යවල යම් ප්‍රවෘත්තියක් පළ වී ඇතැයි යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා ඇමෙරිකාවට ගිය බවත්, එයට අදාළ ලියකියවිලි භාර දී ඇති බවයි.

පැහැදිලි ලෙසම වත්මන් ආණ්ඩුව පලවා හැරීම සඳහා කටයුතු කළ යුතු අතර, අද වන විට රවී කරුණානායක මහ බැංකු හොරා යනුවෙන් වන චෝදනාවක් සජිත් ප්‍රේමදාස මහතා විසින් එල්ල කරමින් සිටින බව ද පැවසීය. 

මෙවැනි ගැටුම් ජනතාව දකින බවත්, අද වන විට ජනතාව මේ ආණ්ඩුව පළවා හරින්න තීන්දු කර අවසන් බව ද ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

රට පාලනය කිරීමට හැකියාව ඇත්තේ රාජපක්ෂවරුන්ට පමණක් ද යනුවෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, රට හොඳ කළමනාකරණයක් කළ හැකි නායකයෙක් අවශ්‍ය බවයි.

ඒ සඳහා දේශපාලනමය, පරිපාලනමය හා වැඩ කරලා තිබිය යුතු බව ද පැවසු මන්ත්‍රීවරයා එහෙම අය පක්ෂය තුළ ඕනෑ තරම් සිටින බව ද පැවසීය.

Last modified on Sunday, 21 April 2019 09:28