January 29, 2020

තමා පක්ෂ නායකත්වයෙන් යෑමට සූදානම් මුත් තමන්ව චන්ඩි කමින් යවන්න බැරි බවට වූ පණිවිඩයක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට අද දින යැවීමට නියමිත බවට වාර්තා වේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් තමාගේ නික්ම යාම කාල සටහනකට අනුව සිදුකරනු ලබන බවද එම පණිවිඩයට ඇතුළත්ය.

මෙම පණිවිඩය සජිත් ප්‍රේමදාස මහතා වෙත ගෙන යනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හෝ ප්‍රබලයින් කිසිවෙකුවත් සිතාගැනීමට නොහැකි දේශපාලඥයෙකු විසිනි.

මේ දේශපාලනඥයා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර මීට ටික දිනකට පෙර මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පවත්වා තිබිණි.

ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්  රනිල්,  සජිත්, කරූ එකට සිටගත යුතු බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ආණ්ඩුවේ දුර්වලතාවලින් ප්‍රයෝජන ගෙන ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට මෙම නායකයන් එක්ව කටයුතු කළ යුතුව ඇතැයිද  කිරිඇල්ල මහතා   සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

තනතුරු පස්සේ එලවන්න ගියොත්  පක්ෂයට ගමනක් නොමැති බවත් පැවසූ කිරිඇල්ල මහතා  ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් සියලු නායකයින් සමගියෙන් කටයුතු කළ යුතු බවත්  සඳහන් කළේය.

"මම නායකයා හැටියට පුටුවේ වාඩි වෙලා බලාගෙන ඉන්නම් , ඕගොල්ලෝ වැඩ ටික කරගෙන යන්න" යැයි එක්සත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කර ඇති ප්‍රකාශය එජාප මන්ත්‍රීවරුන් තුළ ප්‍රශ්නකාරී වාතාවරණයක් ඇති කිරීමට තුඩු දී තිබේ.

"නිකන් බලාගෙන ඉන්න නායකයෙක් පක්ෂයකට මොනවටද?" යැයි එහිදී රාජකරුණා මහතා පෙරලා වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කර තිබේ. 

"පක්ෂ නායකයා නිකන් බලන් හිටියත් ඇති. එය පක්ෂයට හයියක්." යැයි එහිදී එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කොට ඇත. 

මෙම අදහස් හුවමාරු වී තිබෙන්නේ මිට ටික දිනකට පෙර සිරිකොතේ පැවති එජාප නායකත්වය සම්බන්ධයෙන් වූ රැස්වීමකදීය. 

ඉදිරි මැතිවරණයේදී පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙහෙයවීමේ වගකීම ඇතුළු සියලු බලතල සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට වික්‍රමසිංහ මහතාගේ කැමැත්ත ඇති මුත් පක්ෂ නායකයා තමන් විය යුතු යැයි යන දැඩි මතයේ වික්‍රමසිංහ මහතා තවමත් සිටියි. 

ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කළ බවට චෝදනා කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තවදුරටත්  නීතිපතිවරයා පෙනී නොසිටින බවට අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියාය.

එසේම වගඋත්තරකරුවන්ට විරෝධතා  ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබා දුන්නේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරු දෙදෙනෙක් අද (20) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ අනුව විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 6 වැනි දා ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පසුව පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය මැයි මස 12, 13 සහ 14 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.

මෙම පෙත්සම් අද (20) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීහු මෙම විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූහ.

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයක් පිළිබඳව 2022, 2023 , 2024 වසර වලදී සළකා බලන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා  පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී  කියා සිටියේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

2025 වසරේ දී තමන් ඡන්දය නොඉල්ලන බව ද ඔහු එහි දී සඳහන් කළේ යැයි ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.

හර්ෂ ද සිල්වා මහතා මේ අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවසීය.

‘‘ මන්ත‍්‍රී කණ්ඩායමේ සාකච්ඡාවේ සියලූම දේවල් මම සටහන් කර ගත්තා. පිටු 14 ක සටහනක් තිබෙනවා. සිදුවුණ මූලික කාරණාව නායකතුමා කිව්වා ගිය පාර 33 දෙනෙක් කතා කළා, ඒවාට සවන් දුන්නා, ඔහු අසනීප වෙලා සිටියේ ඔහුට බොහෝ දෙනා දුරකතනයෙන් කථා කළා, කථා කල බොහෝ දෙනෙක් කිව්වේ මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න, ඔබ තුමා අවශ්‍ය නම් සජිත් පේ‍්‍රමදාස කරු ජයසූරිය මහත්වරුනුත් සම්බන්ධ කර ගන්න නමුත් නායකත්වය ඔබතුමා තියා ගන්න කියලා. 2025 දි තමන් ඡන්දය නොඉල්ලන බවත් එතුමා කීවා. 2022, 2023 වෙනකොට නායකත්වයේ වෙනසක් කරන්න අවස්ථාවක් ලබාදෙන්නම් කියල කිව්වා. එතුමා දිගින් දිගටම කථා කලා. උතුරු නැගෙනහිර ඡන්ද කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා කිව්වා. අපි අපේ ඉලක්කය කරගත යුත්තේ ඒ ප‍්‍රදේශවල තියෙන ඡන්ද රැකගැනීම සහ ඡන්ද ප‍්‍රතිශතය වැඩි කිරීමයි කියල කිව්වා. ඒ සඳහා තමයි එතුමාගේ නායකත්වය ඉදිරියට ගෙන යා යුත්තේ කියල කිව්වා. ඉන් පසු රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අදහස වුණේ නායකතුමනි අපි මන්ත‍්‍රීවරුන්ගේ අදහසට සවන් දෙන්න  ඕන කියන එකයි. ඔබට කතා කරන පුද්ගලයින් ඔබ සිටිය යුතුයැයි කිව්වත් බිම් මට්ටම එහෙම නැහැ කිව්වම, නායකත්වයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ කියා නායකතුමා කිව්වා. අගමැති අපේක්ෂකයා කවුද කියා විමසුවාම එය කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරාවි කියල කිව්වා. සුජීව සේනසිංහ මහතා කථා කරන්න හැදුවම  කථා කරන්න අවස්ථාව දුන්නේ නැහැ. නමුත් ඔහු කථා කළා. නායකතුමනි ඔබ හිතන දේ නොවෙයි මහපොළවේ තියෙන්නේ කියා ඔහු කීවා. ඔහු එය දිගින් දිගටම  කිව්වා. හරින් ප‍්‍රනාන්දු මහතා කථා කරන්න හැදුවම රනිල් වික‍්‍රමසිංහ මහතා කිව්වේ කතා කරන්න අවශ්‍ය නැහැ මේක ඉවර කළ යුතුයි කියලයි. නමුත් හරින් මන්ත‍්‍රීවරයා කථා කළා. ඊළඟට කබිර් හෂිම් මහතා කථා කලා. අනතුරුව අකිල් විරාජ් මහතා ඔහුට  පිළිතුරු දෙමින් දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඊළඟට අජිත් පෙරේරා මහතා කතා කරමින් බිම් මට්ටමින් ලොකු ප‍්‍රශ්න තිබෙන බව කීවා. ඔහු කිව්වා 2024 වනතුරු ඔබ නීත්‍යානුකූල නායකයා, නමුත් මහ පොළවේ යථාර්ථය ඔබ වටහා ගත යුතුයි කියලා. ඊළගට අශෝක් අබේසිංහ මන්ත‍්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ ඔහු පෝලින් බූත් 90 ක් සමඟ කථා කළ බවයි. ඒ කවුරුවත් රනිල් වික‍්‍රමසිංහ නායකතුමා  සමග ඡන්දයකට යන්න සුදානම් නැහැ කියා කිව්වා. රංජිත් මද්දුම බණ්ඩාර මහතා යළිත් අදහස් දක්වමින් ඒකාධිපතියෙක් වෙන්න එපා, ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට ඉඩ දෙන්න කියා ආයාචනා කලා.

පසුව සජිත් පේ‍්‍රමදාස මහතා යෝජනාවක් ගෙනාවා, අපි මත විමසුමක් පවත්වා බහුතර මතය බලමු කියා. එය නීත්‍යානුකූල එකක් විය යුතු නැහැ, කියා ඔහු කීවා. ඒක දීර්ඝ ලෙස කල්පනා කරල කියන්නේඑය ප‍්‍රබුද්ධ විසඳුමක් යැයි ද ඔහු කීවා. යළිත් අජිත් පී පෙරේරා මහතා කථා කරමින් රජය දඩයමක් පටන්ගෙන ඒ නිසා ඉදිරියේ අසීරු කාලයක් ඒවි, කෙසේ වෙතත් අපි රාජපක්ෂ කඳවුර එක්ක සම්බන්ධ නැහැ, අපි ජනතාව වෙනුවෙන් සටන් කරමු ඒ අවස්ථාව ලබා දෙන්න කියා කීවා. නමුත් මතවිමසුමක් පවත්වන්න නායකතුමා කැමති වුනේ නැහැ. යළිත් සජිත් පේ‍්‍රමදාස මහතා කීවා අපි මහත්මා එකඟතාවයකට එමු, මත විමසුමක් පවත්වමු එතකොට ඉදිරියට යා හැකියි කියා. මේ අවස්ථාවේ දී හර්ෂණ රාජකරුණා මන්ත‍්‍රීවරයා කීවා අපි මත විමසුමක් තියන්න අවශ්‍යද කියා බලන්න මත විමසුමක් පවත්වමු කියා. එවිට එහි සිටි 50 කට  වඩා නැගිට්ටා. ඉන්පසු පොඩි පොඩි බහින් බස් වීම් වුණා. වජිර අබේවර්ධන මහතා සමග හෙම මේ බහින් බස් වීම් වුණා. ඉන් පසු නායකතුමා කිව්වා මම සති අන්තයේ කරු ජයසූරිය මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා සමග සාකච්ඡා කරනවා, ඊට පස්සේ එන සතියේ යළි කථා කරමු කියා මෙතන හැම දෙනාම නැහැ කියාත් කීවා. නමුත් අපේ කණ්ඩායමේ 77යි. එයින් 39 ක් හිටියාම ඇති නේ කියන මතය ආවා. ඒ එක්කම නායකතුමා නෑ නෑ ඡන්දයක් අවශ්‍ය නැහැ කියා කණ්ඩායම් රැස්වීම අවසන් කර නැගිට ගියා. 12 දෙනෙක් ඔහු එක්ක ගියා. 52 ක් එහි සිටියා. ඒ අවස්ථාවේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීවා මේ කණ්ඩායම සජිත් මහතාගේ නායකත්වයෙන් සාකච්ඡාව ඉදිරියට ගෙනයමු කියා. එයට කැමතිව 52 දෙනාම සජිත් මහතා වෙනුවෙන් අත ඉස්සුවා. හරින් මේ සියල්ල වීඩියෝ කළා. මේක නීත්‍යානුකූලව එජාප නායකත්වය තෝරාගැනීමේ ඡන්දයක් නොවුනත් එයින් එජාප මන්ත‍්‍රී අදහස පිළිඹිබු වෙනවා. සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. ’’ යැයි ද හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා මාධ්‍ය හමුව අමතමින් මෙසේ කීය.

‘‘ එක්සත් ජාතික පක්ෂයට එක නායකයෙක් නොව නායකත්ව මණ්ඩලයක් අවශ්‍යයි. නව මුහුණුවරක් අවශ්‍යයි. මහජන ඡන්දයෙන් පත්වූ මන්ත‍්‍රීවරුන් ලෙස අපි ඒ වෙනස වෙනුවෙන් පෙනී සිටිනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා මියයනතුරු මේ පක්ෂයේ නායකයා විය යුතු යැයි කියන කිහිප දෙනෙක් මේ  පක්ෂයේ සිටිනවා. ඔවුන් හිතන්නේ වික‍්‍රමසිංහ මහතා ගියොත් පක්ෂය ඉවරයි කියලයි. නමුත් මේ පක්ෂයට නායකත්වය දෙන්න පුළුවන් කිහිපදෙනෙක්ම අපි දකිනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ අපි දරන මතය ගැන සළකා බලන්න, අලුත් නායකයෙක් ලබා දෙන්න කියා අපි නායකතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. එතුමාට කවුද කිව්වලූ එතුමා ගියොත් පක්ෂය ඉවරයි කියලා. අපි ඒක වැරදි බව පෙන්වා දුන්නා. මේක සුලූතර මතයක් බව පෙන්වා දුන්නා. අපට අවශ්‍ය ඊළඟ ඡන්දයට අලූත් මුහුණුවරකින් එන්නයි.’’ යැයි ද අජිත් පී පෙරේරා මහතා කීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

‘‘හැට නම  ලක්ෂයකට සතුට ගෙනා දෙවැනි මාසයේ රතුලූණු මංකොල්ල කන තත්ත්වයකට රට වැටිලා. උඩින්ම දීපු බද්දේගම රතුලූණු මංකොල්ල කාලා. ඉතිහාසෙවත් අහල තියෙද මේවා. අපේ කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ පක්ෂය ඇතුලේ අර්බුද හදලා ආණ්ඩුවට ලබන ඡන්දෙදි තුනෙන් දෙක අරන් දෙන්න. මෙතෙන්දි අපි කණ්ඩායමක් යනවා මේ ප‍්‍රශ්නය නිරාකරණය කරන්න. තව කණ්ඩායමක් යනවා මන්ත‍්‍රී දඩයමට එරෙහිව. මන්ත‍්‍රී දඩයම සඳහා මේ වනවිට සී සීඞී එකේ මන්ත‍්‍රීවරුන් අටක් දහයක් ලැයිස්තු ගත කර තියෙනවා කියා ආරංචියි. පිරිසක් පක්ෂ දෙකට කඩන්න හදනවා. තව පිරිසක් මන්ත‍්‍රී දඩයමේ යනවා. ඒ අතරේ පවුලක් රට කනවා.

වෙන දෙයක් තියා රන්ජන් රාමනායක මන්ත‍්‍රී තුමා වෙනුවෙන් පෙනී හිටි නීතිඥවරයාගෙනුත් කටඋත්තර අරන්. මෙන්න පැතූ වෙනස. 69 ලක්ෂයට සතුටු ද කියලයි අහන්න වෙන්නේ. මේ පරණ එක අලූත් මුහුණකින් ඇවිත් තියෙන බවයි පෙනෙන්නේ. අලූත් ආරංචිය හඬපට හඬකවල පෙන්වන එකයි.

ඊයේ රන්ජන් රාමනායක මහතා හමුවූ අවස්ථාවේ එතුමා කිව්වා පැයකට දාන්න පුළුවන් ද පැයකට දාන්න පුළුවන්ද කියල අහන හඬපටයේ ගෝඨාභය කියන වචනය බට් කරල කියල. ඔහු කියා ඇත්තේ වෙන නමක්ලූ. මේවා පැහැදිලි නියම ගේම් ටිකක් සෙට් වෙමින් තියෙනවා. එක පිරිසකට  ඕන පක්ෂයේ අර්බුදයක් නිර්මාණය කරල අපි එතැන තියලා අපේ කට වස්සන එකයි. රන්ජන් ගේ හඬපටයයි පක්ෂයේ අර්බුදයයි පෙන්නලා අපි එතැන තියන්න හදන්නේ. අපි  ඕකට අහුවෙන්නේ නැහැ. අපේ ඉදිරි වැඩ පිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා. ’’ යැයි ද හරින් ප‍්‍රනාන්දු මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ සී අලවතුවල මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

ඉකුත් 16 වනදා එක්සත් ජාතික පක්ෂ නායකත්වය තේරීම සදහා සිරිකොතේ පැවති රැස්වීමේදී නායකත්වය වෙනුවෙන් ඡන්දයක් ගැනීමට සජිත් ප්‍රේමදාස පාර්ශ්වය යෝජනා කරද්දී රැස්වීම් ශාලාවෙන් ඉවත්ව ගිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් හූ කියා, අසභ්‍ය වචනයෙන් බැන තිබේ.

"අන්න ගෑනිත් එක්ක යනවා" යනුවෙන් පවසමින් මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහතාට සහ මහ ලේකම් අකිල විරාජ් මහතාට විරෝධය පා තිබේ.

එම අවස්ථාවේ දී මහ ලේකම්වරයා රැස්වීම් ශාලාවේ සිටියේ නම් සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්දය නීත්‍යානුකූල විය හැකි නිසා වික්‍රමසිංහ මහතා ඔහුව ද රැස්වීම් ශාලාවෙන් ඉවතට ගෙන ගොස් තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ඇතුළත් හඬ පට පොලිසිය විසින් බාරයට ගත් නිසා ඒවා දැන් පොදු දේපලක් ඇයි කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එනිසා ඒවා හැමතැනම විකාශය වීම නැවැත්විය යුතු බවත් එම සියලු තැටි පොලිසියට භාර ගත ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී ඔහු කථානායක කරූ ජයසූරිය මහතාගෙන් මන්ත‍්‍රීවරයා මෙම ඉල්ලීම කරන ලදී.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි තමන්ට චෝදනා එල්ල වුවද තමන් කුමන්ත්‍රණකරුවෙක් නොවන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කුමන්ත්‍රණකරුවෙකු ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළද තමන් එවැන්නෙකු නොවන බවත්, ඒ අනුව අදාළ සංයුක්ත තැටි සියල්ල පොලීසිය මගින් භාරගෙන තමා වරදක් කර තිබේ නම් එය රටට හෙළි කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී ඊයේ (07) මේ බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ රන්ජන් රාමනායක මහතාගේ සංයුක්ත තැටි පොලීසිය මගින් භාරගෙන ඇතත්, මේ වනවිට ඒවා පොදු දේපළක් බවට පත්ව සෑම තැනම විකාශය වන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබෙන අවස්ථාවේදී සභා ගැබට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු සභා ගැබෙන් පිටව ගියේය.

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය අද (03) පෙරවරුවේ ආරම්භ වීමට නියමිත අතර, එහිදී හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ වෙන්කර තිබූ ආසනය වෙනුවට වෙනත් ආසනයක් ලබාදෙන ලෙස වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බැවින් විපක්‍ෂනායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වන විපක්‍ෂයේ 08 වැනි ආසනය සජිත් ප්‍රේමදාස මහතාට වෙන්කර ඇත. ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට විපක්‍ෂයේ 07 වැනි ආසනය වෙන්කිරීමට පාර්ලිමේන්තුව මගින් කටයුතු කර තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්‍ෂේප කර විපක්‍ෂයේ 09 වැනි ආසනය ඉල්ලා ඇති බවද වාර්තාවේ. ඒ අනුව විපක්‍ෂයේ 07 වැනි ආසනය හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට වෙන්කර ඇත. 

එමෙන්ම විපක්‍ෂයේ අනිකුත් පළමු පෙළේ ආසන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනිකුත් පක්‍ෂ නායකයන්, දෙමළ ජාතික සන්ධානයේ පක්‍ෂ නායකයන් සහ ජනතා විමුක්ති පෙමුණේ පක්‍ෂ නායකයන් වෙනුවෙන් වෙන්කර ඇතැයිද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.

අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ වගකීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පැවරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීම එම මැතිවරණයේදී ලබන පරාජයේ වගකීමෙන් තමා මිදී තවදුරටත් පක්ෂ නායකත්වයේ රැඳී සිටීමේ උපක්‍රමයක් බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ. 

එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස තමන් නම් කරන්නේ නම් ඒ සඳහා පක්ෂයේ නායකත්වයක් තමන්ට අවශ්‍ය බව පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ. 

පක්ෂ නායකත්වය නොමැතිව මැතිවරණයට නායකත්වය දීමේ "අං තට්ටුව" තමා ගලවා ඇති බව සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

කරූ ජයසූරිය මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා ඔහුව මිට පෙර රැවටීමකට ලක් කළ අතර කරූ ජයසූරිය මහතා ලණු ගිලීමේ ශුරයෙක් බව ප්‍රකට කරුණකි. 

Page 1 of 18