එක්සත් ජාතික පෙරමුණු රජයේ හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතාම සමීපතමයෙකු වන සාගල රත්නායක මහතාට මෙවර ජාතික ලයිස්තුව මෙන්ම මාතර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුව ද අහිමි වී තිබේ.
මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කිරීමට සාගල රත්නායක මහතා අකමැත්තක් දක්වා ඇති අතර ඒ වෙනුවට ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් බලාපොරොත්තු වී තිබේ.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවේ සිටින සෙසු අපේක්ෂකයන් එයට දැඩි විරෝධයක් දක්වා ඇති අතර සාගල රත්නායක මහතා ජාතික ලැයිස්තුවට ඇතුළත් කරන්නේ නම් තමන් එම ලැයිස්තුවෙන් ඉවත් වන බවට පක්ෂ නායකයින්ට දැනුම්දී තිබේ .
ඉන්පසු අවසාන මොහොතේ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවේ අපේක්ෂකත්වය රත්නායක මහතාට ලබාදීමට උත්සාහ කළද ඒ වන විට එම ලැයිස්තුව වෙනස් කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබේ.