April 23, 2024

"රනිල්ට එරෙහිව කැරළි 12ක් ආවා - ඔක්කොම මැඩ පැවැත්වූයේ මම" : හිටපු ඇමති අමුතු පොටකට Featured

September 25, 2020

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කැරලි 12ක් පැමිණි බවත් ඒ සෑම කැරැල්ලකින්ම වික්‍රමසිංහ මහතාව බේරා ගත්තේ තමන් බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රථම වතාවට හෙළිදරව් කර තිබේ.

ඒ සෑම කැරැල්ලක් මැඩ පැවැත්වූයේ තමන් බවත් ඒ සෑම කැරැල්ල පිළිබඳවම තොරතුරු තමා ළඟ අදටත් තිබෙන බවද අබේවර්ධන මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම්, උප නායකකම් ඇති කළේ හුදෙක් එම කැරලි මර්දනය කිරීමේ පටු අරමුණින් බවද අබේවර්ධන මහතා පෙන්වා දෙයි.

පක්ෂයට අනවශ්‍ය මෙම නියෝජ්‍ය නායක හා උප නායකකම් අහෝසි කරන ලෙස වරක් තමන් ඇතුළු පිරිසක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනාවක් සම්මත කර ඊට විසඳුම් ලබා දුන්න ද පසු කාලීනව යළිත් එම තනතුරු ඇති කිරීම පක්ෂයේ හානියට හේතු වූ බවද අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Last modified on Friday, 25 September 2020 10:25