May 14, 2024

සවුත්ලන්ඩ්ස් කාන්තාවෝ මහමග දැරියකට පහරදුන්නේ මෙහෙමයි (VIDEO)

ගාල්ල සවුත්ලන්ඩ්ස් විදුහලේ විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්න මහත්මිය ගාල්ල අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමට එරෙහිව පැවැත් වූ විරෝධතාවයක් අතරතුර දී එම විරෝධතාකාරියන් විසින් අසල සිටි දැරියකට පහර දී තිබේ.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

අදාළ දැරිය ජංගම දුරකථනයකින් විරෝධතාව වීඩියෝ ගත කරමින් සිටිය දී විරෝධතාකාරියක් විසින් දැරියට වතුර බෝතලයකින් පහර දී ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි විරෝධතාකාරිනියන් ඇයව වටකරගනිමින් ඇයට පහර දීමට උත්සාහ කළ බව ගාල්ල පොලිසිය කියයි.

පොලිස් නිලධාරියෙක් මැදිහත්වී දැරිය එම ස්ථානයෙන් මුදාගෙන ඇති අතර ඇයට පහරදුන් බව කියන ගැහැණියක පොලිස් අත්අඩංගුවෙන් මුදා ගැනීමට ද විරෝධතාකරුවන් ක්‍රියාකර ඇතැයි වාර්තා වේ.

වීඩියෝව පහතින්.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 29 March 2016 16:29