May 03, 2024

අන්තරේ ගෝල්ෆේස් පිටියට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමන කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලය සඳහා එක්වී තිබෙනවා.

කොළඹ කොටුවෙන් ආරම්භ කළ පාගමන කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිවස වෙත පැමිණි අතර එහිදී උණුසුම් තත්ත්වයක්ද හට ගත්තා.

ඉන් අනතුරුව විද්‍යාර්ථින් විරෝධතා පාගමනින්ම කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලය සඳහා සහාය දැක්වීමට එක් වූ බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

Rate this item
(1 Vote)