May 03, 2024

සියඹලාපිටියට වට්ස්ඇප් දුරකථන ඇමතුමක් : යෝජනාව කැබිනට් ඇමතිකමක්

රංජිත් සියඹලාපිටිය මහතාටද ඇමති ධූරයක් භාරගන්නා ලෙස ආරාධනා කොට තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම ආරාධනාව කොට තිබෙන්නේ හිටපු කැබිනට් ඇමතිවරයෙක්.

දුරකතන ඇමතුම

ඔහු එම පණිවිඩය ලබා දී තිබෙන්නේ වට්ස් ඇප් දුරකථන ඇමතුමක් ඔස්සේයි.

ඒ තමන්ට ආර්ථිකය සම්බන්ධ විශේෂ ඇමති ධුරයක් ලබා දීමට ජනාධිපතිවරයා සූදානම් බවයි එම දුරකථන පණිවිඩය හරහා ප්‍රකාශ වී තිබෙන්නේ.

එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් සියඹලාපිටිය මහතා පවසා තිබෙන්නේ ජනතාව මේ අවස්ථාවේ සිටින්නේ වෙනම මතයක බැවින් තමාත් ජනතාවගේ පැත්තට යන බවයි.

පක්ෂයේ මතය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුවට පටහැනිව යෑමට බැරි බවද දුරකථන ඇමතුම දුන් අදාල ඇමතිවරයාට සියඹලාපිටිය මහතා මතක් කර දී තිබෙන්නේ කළ යෝජනාවට ස්තුතිද කරමින්.

සියඹලාපිටිය මහතා තමා පාර්ලිමේන්තුවේ දරමින් සිටී නියෝජ්‍ය කතානායක ධුරයෙන්ද ඉල්ලා අස් වූවා.

ඒ පක්ෂයේ මතයට ගරු කරමින්.

බහුතරය රඳවා ගැනීම

ආණ්ඩුව මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය වන 113 රඳවා තබා ගැනීම සඳහා ස්වාධීන වූ මන්ත්‍රීවරු බිලි බා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් වෙතින් චෝදනා එල්ල වනවා.

ශ්‍රීලනිපය නියෝජනය කළ ශාන්ත බණ්ඩාර හා සුරේෂ් රාගවන් යන මහත්වරුන් රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදී එසේ බිලි බා ගත් මන්ත්‍රීවරු ලෙසටයි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හඳුන්වන්නේ.

Rate this item
(3 votes)