May 04, 2024

අන්තර්වාර රජයේ අගමැති කවුද? මහින්ද තීරණය කරයි! අරගලකරුවන්ට යළි දැනුම්දීමක්

අන්තර්වාර රජයකත් අගමැතිවරයා තමා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කරනවා.

තමාට ඉවත්වන්නැයි ඉල්ලා ඇත්තේ ඉතිහාසය ගැන නොදන්නා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බව පෙන්වා දෙන අගමැතිවරයා මන්ත්‍රීවරුන් බහුතරයක් තමා සමග සිටින බවත් කියා සිටියා.

කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා නැවත වතාවක් ආරාධනා කරනවා. 

එසේ නොපැමිණෙන්නේ නම් ඔවුනට දිගටම අරගල කරමින් සිටීමට සිදුවන බවද හෙතෙම ප්‍රකාශ කළා.

රට යම් අසීරු තැනක තිබෙන බව තමා පිළිගන්නේ යැයිද අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇතැයිද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

රට මීට වඩා අර්බුදවලට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(3 votes)