May 04, 2024

හිටපු මැකෝ තනියම විරෝධයක! බෝඩ් එල්ලාගෙන පාරට බසියි Featured

සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති, හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විරෝධතාවක නිරත වී තිබෙනවා.

ඒ ඊයේ (23) පස්වරුවේ අම්බලන්ගොඩ නගරයේදීය.

‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘ යනුවෙන් සටහන් කළ දැන්වීම් පුවරුව එල්ලාගෙන මෙලෙස දේශප්‍රිය මහතා අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකාවට වී සිටි බව වාර්තා වනවා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පැවති ක්‍රිකට් තරඟාවලිය නැරඹීමෙන් පසු දේශප්‍රිය මහතා මේ දැන්වීම ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

Rate this item
(2 votes)