May 05, 2024

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නිවසක් වටලයි – නිවසට දැඩි පොලිස් ආරක්ෂාවක් (PHOTOS)

වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා වැඩ භාරගත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.අරවින්ද කුමාර් මහතාගේ තලවකැලේ ලිදුල මෙරායා ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට අද (23) තරුණයන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඒ රාජ්‍ය අමාත්‍යවරයාට සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස බලකරමින්.

ජිවන වියදම ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම, ගෑස් හිගය සහ විදුලි කප්පාදුවක් රටේ පවතින අවස්ථාවක එස්.අරවින්ද කුමාර් මහතා ඔහුගේ තනතුර ගැන පමණක් සිතා රජයට සහයෝගය දැක්විම පිණිස වතු යටිතල පහසුකම් අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් බවත් විරෝධතාකරුවන් සඳහන් කළා.

අරවින්ද කුමාර් මහතා වතුකරයට මේ වන තෙක් කිසිදු දෙයක් සිදු කර නොමැති බවද විරෝධතාවයට එක් වූ තරුණයන් කියා සිටියා.

රාජ්‍ය අමාත්‍ය එස්.අරවින්ද කුමාර් මහතාගේ නිවස ඉදිරිපිට වතුකරයේ තරුණයන් පිරිසක් උද්ඝෝෂණයක් සිදු කරන බවට ලද තොරතුරු මත අවට පොලිස් ස්ථාන කිහිපයකින් පොලිස් නිලධාරින් ලිදුල පොලිසිය වෙත කැදවා රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස අසල දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Rate this item
(0 votes)