May 05, 2024

රඹුක්කන බවුසරයට ගිනි තැබූ බවට සැකපිට අත්අඩංගුවට පුද්ගලයාට ඇප

රඹුක්කන විරෝධතාව අතරතුර ඉන්ධන බවුසරයට ගිනි තැබීමට පැමිණි බවට අනුමාන කෙරෙන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා.

ඒ, රඹුක්ක ප්‍රදේශයේදී ය.

පසුව 28 හැවිරිදි සැකකරු අද (23) පස්වරුවේදී කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.

එහිදී වැඩබලන මහේස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා නියෝග කළේ රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත සැකකරු මුදාහරින ලෙසයි.

රඹුක්කන සිද්ධිය අතරතුර පොලිස් නිලධාරීන් සමඟ සිටි තරුණයෙකු සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා.

ඒ ඔහු ගිනි ගනිමින් තිබූ තෙල් බවුසරය වෙත පැමිණ එහි රඳවා තිබූ අතු කැබැල්ලක් ඉවත් කර ආපසු යන ආකාරයද රෑගත වූ වීඩියෝ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ අදාළ විරෝධතාවට සහභාගී වෙමින් අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් වූ සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Rate this item
(0 votes)