ලබන සෙනසුරාදා සහ ඉරිදා (9, 10) දිනවල විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව සෙනසුරාදා දිනයේ පැය දෙකක කාලයක් සහ ඉරිදා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.
සෙනසුරාදා දිනයේ A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාපවලට සවස 3ත් රාත්‍රී 9ත් අතර කාලසීමාව තුල පැය දෙකක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
P, Q, R, S, T, U, V, W යන කලාපවලට පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුවන්නේ පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා අතර කාලය තුලදීයි.
CC1 කලාපය සඳහා සෙනසුරාදා දිනයේදී පැය තුන හමාරක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන අතර ඒ උදෑසන 6 සිට පෙරවරු 9,30 දක්වායි.
අප්‍රේල් 10 වන ඉරිදා A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාපවලට උදෑසන 6 සිට පෙරවරු 10 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.
CC1කලාපය සඳහා පැය තුන හමාරක කාලයක් විදුලි සැපයුම අත්හිටවනු ලබන්නේ උදෑසන 6 සිට 9.30දක්වායි.