හෙට (30) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදුන් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
A සිට L දක්වා කලාපවල උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක අතර P සිට W දක්වා කලාප සඳහා ද පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.
ඊට අමතරව M,N,O,X,Y,Z ලෙස අලුත් කලාප කිහිපයක් ද එකතු වී තිබෙනවා.
එම කලාපවල උදෑසන 8.00 සිට සවස 6 දක්වා කාලය අතරතුර අදාළ විදුලි කප්පාදුව සිදුවෙනවා.