May 04, 2024

විමල් - උදය පන්නන තීන්දුව ගත් 27 කල්ලිය

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් සිය අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට පැය කිහිපයකට පෙර ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා.

ඒ ඉකුත් 3 වැනි දින ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදී.

රැස්වීමට පැමිණි පිරිස

එම රැස්වීම සඳහා පොදුජන පෙරමුණ පමණක් නියෝජනය කරන ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු හා මන්ත්‍රීවරු පිරිසක් කැඳවා තිබෙනවා.

එම කැඳවීම කර තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා විසින්.

දැනගන්නට තිබෙන තොරතුරුවලට අනුව එම රැස්වීමට සහභාගී සහභාගී වී තිබෙන්නේ 27 දෙනකු පමණයි.

ඒ අතර ඇමතිවරු 13 ක්, රාජ්‍ය ඇමතිවරු 9 ක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 ක් සිට තිබෙනවා.

මන්ත්‍රී සංඛ්‍යාව

පොදුජන පෙරමුණ සන්ධානයට පසුගිය මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර 145 ක් ලැබුණු අතර ඉන් 117 ක් පමණ පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නන්.

ඒ අනුව බලද්දී වීරවංශ සහ ගම්මන්පිල යන අමාත්‍යවරුන් සිය ඇමති ධුරවලින් ඉවත් කිරීම සඳහා පැවැති විශේෂ රැස්වීමට පොදු ජන පෙරමුන මන්ත්‍රීවරුන් 90 ක පමණ සහභාගිත්වයක් තිබී නැහැ.

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව වාර්තා වන්නේ අදාළ හදිසි රැස්වීම සඳහා ඒ අවස්ථාවේ කොළඹ අවට සිටි පොදුජන පෙරමුණ නියෝජිතයන් පමණක් කැඳවා ඇති බවයි.

Rate this item
(3 votes)
Last modified on Sunday, 06 March 2022 09:40